ථූපාරාමය පිළිබඳව හැඳින්වීමක්
බුදුදහම ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද පළමු ස්ථූපය ථූපාරාමය යැයි සළකනු ලැබේ. ශ්‍රී ලංකාවේ වංශ කථාවල සඳහන් වන මුල්ම චෙෙත්‍යද මෙය යැයි සළකනු ලැබේ. ස්ථූප සහ ආරාමය යන වචන එක්වීමෙන් ථූපාරාමය යන නම නිර්මාණය වී ඇත. මෙම ස්ථානය සංඝයා වහන්සේලා වැඩ සිටි ආරාමයක් විය.
ඓතිහාසිකත්වය
ශ්‍රී ලංකාවට බුද්ධාගම සහ චෙෙත්‍ය වන්දනාව හඳුන්වා දෙන ලද්දේ මහින්ද තෙරණුවෝ විසිනි. මහින්ද තෙරුන් වහන්සේගේ ඉල්ලීමක් පරිදි දේවානම්පිය තිස්ස රජු ථූපාරාමය චෙෙත්‍ය ඉදි කළේය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව මෙහි නිදන් කර තිබේ. චෙෙත්‍ය ප්‍රථමයෙන්ම ගොඩනංවා ඇත්තේ ධාන්‍යාකාර හැඩයෙනි (වී ගොඩක අකාරයෙනි). මෙම දාගැබ වරින් වර විනාශ කිරීම් වලට ලක් විය. දෙවැනි අග්බෝ රජ සමයේ එය සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර රජතුමා විසින් නැවත ගොඩනංවන ලදී. අපට වර්තමානයේ දක්නට ලැබෙන්නේ ක්‍රි.ව. 1862 දී ගොඩනැංවු දාගැබයි. එම නිසා දාගැබෙහි වර්තමානයේ හැඩය ඝණ්ටාකාර වේ. ගෙවී ගිය ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ කිහිප වරක් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අදට පෙනෙන්නට තිබෙන චෛත්‍ය ගර්භයේ පාදම අඩි 59 (මී 18) විශ්කම්භයකින් යුතුය. 11 අඟල් 4 කි. (මී 3.45) විශ්කම්භය අඩි එකසිය හැට හතර හමාරකි. (මී.50.1) මළුවේ කළු ගල් අතුරා ඇත. ගල් කණු පේලි 2 ක් දාගැබ වටා ඇත්තේය.
බුදුදහම ප්‍රතිස්ථාපිත හෙළ පින්බිමෙන් ඉදිවූ මංගල ස්ථූප රාජයාණෝ
අනුරාධපුරයේත්, ලක්දිව වෙනත් පැරණි ස්ථාන කිහිපයකත් පිහිටි මධ්‍යම ප්‍රමාණයේ දාගැබ් කිහිපයක ප්‍රධාන වැදගත්කම රඳා පවත්නේ එම චෛත්‍යවල කලාත්මක නිර්මාණ ලක්ෂණ මෙන් ම කුලුනු මත පියස්සක් සහිත ව ගොඩනංවා තිබූ ස්තූප ගර්භය නම් වූ ගොඩනැඟිලි විශේෂය නිසාය. මේ වර්ගයේ ස්ථූපයන් පිළිබඳ ඉතාම උසස් නිදසුන ථූපාරාම දාගැබයි. පුරාවිද්‍යාත්මක සහ ගෘහනිර්මාණාත්මක වැදගත්කම හැරුණුවිට, මෙම චෛත්‍යය ඵෙතිහාසික සහ ආගමික කරුණු අතින් ද ඉතා වැදගත් තැනක් ගනී. මෙය ලංකාවේ පළමු වෙන්ම ඉඳිකරන ලද ස්ථූපය වන අතර අශෝක සමය හා සමකාලීන පෞරාණිකත්වයකින් ද යුක්ත වන හෙයිනි..
මිහිඳු මාහිමියන්ගෙන් සමාරම්භිත වූ මහා විහාරික භික්ෂු පරපුර
නෛරයානික බුද්ධශාසන ප්‍රතිලාභයෙන් පසු මේ පුණ්‍ය භුමියෙහි ප්‍රතිස්ථාපිත ප්‍රථම ස්තුපය වනුයේ ථුපාරාම චෛත්‍ය රාජයානෝයි (ථුප+ආරාම).මෙම ස්තුපය වටා භික්ෂු නේවාසික ආරාම සංකීර්ණයකින්ද සමන්නාග්තවූ බව ඓතිහාසික තතු වලට අනුව පෙනීයයි.මහා විහාරික භික්ෂු සම්ප්‍රධායන්ට හා භික්ෂු කතිකාවන්ට අනුකූලව, 2017 වසරේ සිට මේ දක්වා ථුපාරාම විහාරස්ථානයේ,සියලු නවකම් ප්‍රතිසංස්කරණ සංරක්ෂණ කටයුතු වල නියැලෙමින්ද ස්වකීය අතවැසි නේවාසික ශිෂ්‍ය ස්වාමීන්වහන්සේලාටද ආධ්‍යාත්මික බාහිර වශයෙන් සහය වෙමින් සිය යුතුකම් වගකීම් මනාව ඉටුකරමින් ගිහි පැවදි දෙපාර්ශවයේම ආශිර්වාදය මැද විහාරාධිකාරී ධූරය උසුලමින් වැඩ වසනුයේ පූජ්‍ය කහල්ලේ ඤාණින්ද ස්වාමීන්වහන්සේය.
උත්සව
වෙසක් උත්සවය
වෙසක් උත්සවය බෞද්ධයන්ගේ ප්‍රධානතම උත්සවයයි.එදින බුදුන් වහන්සේගේ උපත,බුද්ධත්වය,පිරිනිවන් පෑම යන කරුණු ස්මරණය කරනු ලැබේ. වෙසක් මස පසලොස්වක දිනය බොහෝ බෞද්ධ ජාතීන් මෙම උත්සවය සමරන දිනයයි. වෙසක් දිනය බුදුන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම යන කාරණා තුනම ආවරණය කරයි
අළුත් සහල් මංගල්‍යය
රටට සෞභාග්‍ය ද සස්ශ්‍රීකත්වය ද ප්‍රාර්තනා කරමින් සෑම වසරකම පවත්වන අළුත් සහල් මංගල්‍යය පවත්වනු ලබයි
කඨින චීවර පූජාව
ඇසළ පොහෝ දින වස් සමාදන් වන උපසපන් භික්‍ෂූන් වහන්සේලා, වප් පොහොය දිනයේදී වස් පවාරණය කරති. ඉන් පසු ව වප් (ඔක්තෝබර්) පොහොය දින සිට ඉල් (නොවැම්බර්) පොහොය දින දක්වා කාලය තුළ පමණක් මෙකී කඨින චීවර පූජා සිදුකර ගත හැක. මෙම මාස දෙක අතර කාලය, චීවර මාසය, යනුවෙන් හැඳින්වේ. එම මාසයක කාලය තුළ මෙම පින්කමට සහභාගි නොවුණහොත් තවත් වසරක් බලා සිටීමට සිදු වේ
ආලෝක පූජාව
සටහන්
ධාතුංචාපි නිධාය ලෝක මහිතෝ ජබ්බණ්ණ සෝභාකුලේ
දේවානම්පියතිස්ස භූපති වරෝ කාරේහි සද්ධා ධනෝ
ථූපාරාම වරං නමාමි තමහං අජ්ඣායිතං සත්ථුනා